මෙරට කොරෝනා එන්නත ලබාගත් අයට මෙන්න විශේෂ පණිවුඩයක්..
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කර සිටිනවා.
ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් පවරපු නඩුවකදී ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම සංකූලතා දුලබව ඇතිවන බව පිළිගත් දෙයක් බවත්, එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කාරණයක් බවයි.
මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ විජේවික්‍රම මහතා එන්නත් ගත් කාලයේදී ඇති වූ සංකූලතාවක් පමණක් බවද අවධාරණය කළා.
ඒ නිසා ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එන්නතෙන් ඒ වගේ අහිතකර බලපෑමක් ඇති නොවන බවයි.