මෙරට එන්නත්කරණයෙන් වාර්තාවක් තබයි(VIDEO)...තවත් ලක්ෂ ගණනක් දිවයිනට..

Sri Lanka Covid vaccines Sinofarm
By Aruna Jul 27, 2021 05:41 AM GMT
Aruna

Aruna

Report

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගත් ගුවන් යානයක් දිවයිනට.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට රැගෙන ආ මුළු සයිනොෆාම් එන්නත් සංඛ්‍යාව එක් කෝටි හත් ලක්ෂයක් ලෙස සටහන් වෙයි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ මෙරට සිදුකරන ලද වැඩිම එන්නත්කරණ කටයුතු ඊයේ දිනයේ දී සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ (26) දිනයේ දී එන්නත් මාත්‍රා 437,878ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. සයිනෝෆාම්, ෆයිසර් සහ මොර්ඩනා එන්නත් මෙලෙස ලබාදී තිබේ.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 356,628 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 55,722 ටත් ලබාදී ඇත.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 108 දෙනෙකුට සහ මොර්ඩනා එන්නතේ පළමු මත්‍රාව පුද්ගලයින් 25,420 දෙනෙකුටත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මේ දක්වා කොවිෂීල්ඩ් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1,311,127 දෙනෙකුටත් ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 173,584 දෙනෙකුටත් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 114,075 දෙනෙකුටත්, මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව 696,003 දෙනෙකුටත් ලබාදී තිබේ.

එමෙන්ම සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව 7,427,542කුට ලබාදී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එන්නත්කරණය ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now