එන්නත්කරණය තවත් පහසු වෙයි.. ලියාපදිංචි වීමට හදුන්වා දුන් නව ක්‍රමය මෙන්න..

Corona Sri Lanka Online Healthy ministry Covid vaccines
By Aruna Aug 10, 2021 08:44 AM GMT
Aruna

Aruna

Report

එන්නත්කරණය පිළිබඳව ඇති ගැටළු සහ ලියාපදංචි වීම් සඳහා විශේෂ දුරකථන අංකයක් ක්‍රියාත්මක බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා.

1906 දුරකථන අංකය ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකි බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව වැඩිහිටි හෝ බරපතළ රෝග ඇති හෝ එන්නත ලබා නොගත් අයගේ නම සහ ලිපිනය 1906 යන දුරකථන අංකයට දැනුම් දී ලියාපදිංචි වීමෙන් පසුව එන්නත ලබාගත හැකියි.

මේ අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය ඉතා අඩු අගයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රධන මාධ්‍ය ආයතනයක විශේෂ වැඩසටහනක ට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 23 දෙනෙකු පමණක් බවය. "

බහුතරයක් කොවිඩ් මරණවලින් අවුරුදු 60ට වැඩි අයගෙන් සියයට 80කට වැඩි ප්‍රතිශතයක් එන්නත අරගෙන නෑ. මරණ විශ්ලේෂණයේ දී දැක්ක දෙයක් තමා එන්නත මාත්‍රා එකක්වත් ගත්තේ නැති අය තමා බොහෝවිට මේ රෝගයට ගොඳුරු වෙලා මියගිහින් තියෙන්නේ.

ඉතින් මගේ එකම ඉල්ලීම කවුරු හෝ වේවා එන්නත ලබානොගත් වැඩිහිටියෙක් ඉන්නවා නම් අවුරුදු 60ට වැඩි ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ එන්නත් මධ්‍යස්ථානයට ගිහින් එන්නත හැකි ඉක්මනින් ලබාගන්න.

රෝගීන් 4,137ක් මියගිහින් තියෙනවා. එන්නත ලබාගෙන මියගිහින් තියෙන්නේ 200යි. ඒ 200නුත් එක මාත්‍රාවක් ලබාගෙන මියගිහින් තියෙන්නේ 177යි.

මාත්‍රා දෙකම අරන් මියගිහින් තියෙන්නේ 23ක්." සෞඛ්‍ය අංශ කොවිඩ් සංඛ්‍යාලේඛන වසන් කරන බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now