කොවිඩ් එන්නතක් ගැන ලැබුණු සුබම සුබ ආරංචිය මෙන්න..

Sri Lanka Indian Who Covacsins
By Aruna Nov 04, 2021 06:10 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සින් කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම නිෂ්පාදනය කළ කොවැක්සින් කොරෝනා මර්දන එන්නත කොරෝනා වයිරසයට එරෙහිව සියයට 78 ක ඵලදායිතාවයකින් යුක්ත බව පැවසේ.

මෙම එන්නත අවුරුදු 18 න් ඉහළ වයස් කාණ්ඩවල පසුවන්නන් හට සුදුසු බව නිර්දේශ කර ඇති අතර එය මාත්‍රා දෙකකින් යුක්ත වෙයි.

පළමු මාත්‍රාවෙන් සති 4 කට පසු දෙවන මාත්‍රාව ලබාදිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now