එන්නත් ලබා නොගත් 60ට වැඩි ජනතාවට පණිවුඩයක්

By Sewvandhi Aug 04, 2021 12:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා හෙට (05) ස්ථාන කිහිපයකදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපතිවරයා පවසයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හෙට උදෑසන 8.30 සිට

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශීක්ෂණ රෝහල, ජාතික බෝවන රෝග විද්‍යායතනය රෝහල, අවිස්සාවේල්ල රෝහල සහ කොළඹ විහාරමහදේවි උද්‍යානයේ දී එම එන්නත්කර‍ණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now