සෙසු දිස්ත්‍රික්කවල උසස් පෙළ දරුවන්ට එන්නත් ලබාදීම ගැන ගත් තීරණය

By Sewvandhi Oct 15, 2021 08:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භ වෙයි.

අද (15) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව විඩීයෝ තාක්ෂණය ඔස්සේ රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබන 21 වනදා සිට පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත ලබාදීමට පියවර ගනු ඇත.

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා එන්නත ලබාදීම අද (15) සිට ආරම්භ කළ බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ සංජනනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදු කෙරෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now