වකුගඩු රෝගීන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට විශේෂ ස්ථානයක්

covid19 vaccination maligavaththa kidney hospital diabetes patients
By Sewvandhi Aug 14, 2021 02:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් වකුගඩු රෝගීන් එන්නත්කරණයට දෙදින වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.

ඒ, මාළිගාවත්ත වකුගඩු රෝහලේදීයී.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම මෙතෙක් ලබා නොගත් වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන, රුධිර කාන්දුකරණයට ලක්වන රෝගීන් හා වකුගඩු බද්ධ කළ රෝගීන්ට පළමු මාත්‍රාව මාළිගාවත්ත වකුගඩු රෝහලට පැමිණ කොවිඩ් එන්නත ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව අද සහ ලබන 21 වැනිදා පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා කාලය තුළ අදාළ රෝගීන්ට පමණක් මාළිගාවත්ත වකුගඩු රෝහලට පැමිණ කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now