මෙරටට යළිත් දැඩි කොවිඩ් අවදානමක්.. ඉන්දියාවෙන් බියකරු කොවිඩ් උප ප්‍රභේදයක් පැතිරෙයි..
මීට මාස කිහිපයකට පෙර අමෙරිකාවෙන් සහ චීනයෙන් හමුවූ කොවිඩ් -19 උප ප්‍රභේදයක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දීය සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ යෑමත් සමග සිදුකළ පරීක්ෂාවකදී JN.1 නම් එම කොවිඩ් - 19 උප ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හමුවූ බවයි.
මේ තත්වය මත එම ප්‍රාන්තය තුළ සෞඛ්‍ය අංශ දැඩි සැලකිල්ලෙන් පසුවන බව වාර්තා වනවා.
ඉන්දියාවේ මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවටද පැතිරීමේ දෑඩි අවදානමක් පවතිනවා විශේෂයෙන්ම මීට වසර ගණනකට පෙර මෙරට කොවිඩ් අර්බුදයෙන් විශාල පිරිසක් මිය ගිය අතර මේ වන විටත් ඒ තත්වය හමුවේ සිදුවූ ආර්ථික අවපාතය එලෙසම පවතිනවා.
විශේෂයෙන්ම කොවිඩ් 19 වැනි තත්වයක් නැවතත් ඇතිවීමට පෙර වළක්වා ගැනීම ඉතාම වැදගත් වනවා.