හෙට සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් වෙන්නෙ මෙහෙමයි...නීති දැඩි වෙයි.

Covid Sri Lanka Health ministry Pavithra Wanniarachchi
By Aruna Aug 15, 2021 01:21 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය සඳුදා ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන සාකච්ඡාවකට එක්වෙමින්.

සමස්ත රට තුළ ම ආසාදිතයන් නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ වැඩසටහන ලබන සිකුරාදා සිට ආරම්භ කරන බවයි ඇය කියා සිටියේ.

මේ අතර, ඉන්දියාවෙන් සතියකට මෙට්‍රික් ටොන් 100 බැගින් ඔක්සිජන් ඇණවුම් කර ඇති බවත්, අවශ්‍යතාව මත ගෙන්වන ඔක්සිජන් ප්‍රමාණය ඉහළ දමන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now