දිවයින පුරා සංචරණ සීමා අනිවාර්යයෙන් පනවන්න...කොරෝනා පාලනය ඉතා අපහසු තත්ත්වයක්!!!

Covid Isolating Sri Lanka risk
By Aruna Aug 05, 2021 01:12 AM GMT
Aruna

Aruna

Report

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොළඹ ගම්පහ කළුතර පළාත් වල ඩෙල්ටා ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් පැතිරයමින් ඇති බවයි.

මෙම තත්ත්වය මත සංචරණ සීමා දැඩිව පැනවූයේ නැත්නම් රටක් ලෙස මෙය පාලනය කිරීම ඉතා අපහසු බව ද ඇය පෙන්වා දෙයි.

මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම සංචරන සීමා පැනවිය යුතු බවද ඇය අවධාරණය කළාය. මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පවතින තත්වය සමාලෝචනය කර සමබරව ගෙන යාමට නොහැකි වුවහොත් එම තීරණය ගැනීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now