මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි. හේතුව මෙන්න
මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.
‘මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම .
මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්’
ඊට අමතරව අද දිනයේ කළුබෝවිල රෝහලේ ද රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් තිබුණා.
කොරෝනා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
එහි කොවිඩ් වාට්ටුවේ එක් ඇඳක් මත රෝගීන් කිහිප දෙනෙකුම ප්‍රතිකාර ලබන බවත් වාට්ටුවේ බිම මෙන්ම ඉන් පිටත එළිමහනේ ද රෝගීන් රඳවා ඇති බවත් එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීහු පවසති.
කාර්ය මණ්ඩලය හැකි උපරිමයෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන නමුත් එම කාර්ය මණ්ඩල රෝගීන්ට උපස්ථාන කිරීමට ප්‍රමාණවත් නොවන බව ද ඔවුහු සඳහන් කරති. මේ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



