එන්නත් ගැන මෙරටින් තවත් සුබ ආරංචියක්..

Sri Lanka Pfizer vaccines Covid vaccines
By Aruna Oct 19, 2021 04:07 AM GMT
Aruna

Aruna

Report

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇති බව ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

එම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා තිබුණි.

ඉන් අනතුරුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now