තත්වය යළිත් අවදානම්.. පාසල් 24කින් කොවිඩ් ආසාදිතයන්.

Sri lanka covid 19
By Sithumi Nov 24, 2021 02:21 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 10 තුළ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන සේවකයින් ඇතුළුව 49 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. ඒ අතර සිසුන් 30 දෙදෙනකු සිටීම විශේෂත්වයකි.

එමෙන්ම ඊයේ මොරවක රෝහලේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් නව ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන තිබුණි. මේ අතර උත්සව සමයේ අවදානම් තත්ත්වයක් උද්ගතවිය හැකි බැවින් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමන කළ යුතු බව වෛද්‍යවරුන් නැවත අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, "සාප්පුවලට සීමිත පිරිසක් ඇතුළත් කරගන්න. වෙළෙඳසැල් පවත්වාගෙන යන්නේ අවදානමක් ඇතිවයි. සෞඛ්‍යාරක්ෂාවෙන් තොරව වෙළෙඳසැල්වලට ගියොත් අවදානම තව වැඩිවෙයි. ඔබලා නැවත අවදානමක් ගන්න එපා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now