OPD එන රෝගීන්ගෙන් 50%ක් කොරෝනා ආසාදිතයන්.. රෝහල් ජාලය බිද වැටෙන්න ලගයි.
Sri lanka
covid 19
By Sithumi
සෞඛ්‍ය අංශය සේවකයන් කොරෝනා වෛරස ආසාදිතයන් වෙමින් රෝහල් ජාලය අඩපණ වීමේ ආසන්නව සිටින බව හිටපු වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි.
එනිසා අඩුම තරමින් සති දෙකක කාලයකට හෝ රට අගුළු දැමීමක් සිදු කරන්නැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියි. එසේ සිදු නොවුනොත් කොරෝනා මරණ පමණක් නොව වෙනත් රෝගවලින් ද සිදුවන මරණ වැලැක්විය නොහැකි වනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.
සෞඛ්‍ය අංශ සේවකයන්ට වෛරසය ආසාදනය වෙමින් පවතින බවත් එය රෝහල් ජාලය ඉක්මනින්ම අඩාල කිරීමේ මායිම දක්වා පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.
මේ දිනවල බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ වලට පැමිණෙන රෝගීන්ගෙන් 50%ක්ම කොරෝනා ආසාදිතයින් තහවුරු වෙමින් ඇති බවත් සෞඛ්‍ය සේවකයන් ද ඉන් අනතුරුව පත් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |