තවත් covid රැල්ලක් ලඟදීම..? වළක්වා ගන්නෙ කොහොමද ?
කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පැවතිය ද ජනතාව කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතු බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ්‍ය වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (25) පැවති මාධ්‍ය හමුවේ දී වෛද්‍යවරයා ඒ බව පැවසීය. එකවර වැඩි පිරිසකට වෛරසය ආසාදනය වීම මඟහරවා ගැනීමෙන් කොවිඩ් ව්‍යාප්තිය අවම කරගත හැකි බව වෛද්‍යවරයා එහි දී අවධාරණය කළේය.
"එන රෝගීන්, සායනික තත්ත්වයන් පාලනයකර ගතහැකි අය තමයි ඉන්නේ. මේකට හේතුව ලෙස දැක්විය හැක්කේ මේ ගත්තා වු එන්නත්කරණයේ සාර්ථකත්වය කියලා තමයි මට හිතෙන්නේ. රෝගය හැදුණු කට්ටියට මාස 2ක් 3ක් යනකන් ආයේ හැදෙන්නේ නෑ කියලා අපේ විශ්වාසයක් තියනවා.
අධික ජනගහනය වැඩි ප්‍රදේශවල රෝගී වුණ අයට නැවත හැදෙන්නේ නෑ. ඒ කියන්නේ රෝගී වෙන්න කට්ටිය නැනේ. එකත් එක හේතුවක් වෙන්න පුළුවන්. මෙහෙම හොඳවෙලා නැවත වැඩි වෙච්ච අවස්ථා තියෙනවා. ජනතාව තෙරුම් ගන්න ඕනේ රෝගීන් අඩු තත්ත්වයක් මේ තියෙන්නේ.
අපි හරියට හැසිරුණොත් පහුගිය කාලේ තිබුණා වගේ තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ අඩුකර ගන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි ලොකු ප්‍රමාණයක් එකවර ආසාදනය කළ හැකි අවස්ථා කුඩා ඉඩකඩක ලොකු ප්‍රමාණයක් එක්රැස්වන තැන්. මගුල් ගෙවල්, මළ ගෙවල්, ප්‍රිය සම්භාශන, සිල් ව්‍යාපාර, ආගමික කටයුතු, පෙරහැර ආදී වශයෙන් සහ කුඩා ශාලාවල පවත්වන්නාවු සාද මෙවා අඩු කර ගත්තොත් අපේ ඉස්සරහා කාලය හොඳ වෙයි."
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
|