අද මෙරට ආසාදිතයින්ගේ විශාල වෙනසක්
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 734 දෙනෙකු හඳුනාගෙන ඇති බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අද දින covid මරණ 59ක් වාර්තා වී ඇති බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 12' 906 ක් දක්වා ඉහළ ගියා. මෙම මරණ අතර කාන්තාවන් 31ක් සහ පිරිමි පුද්ගලයන් 28ක් වනවා.
ඊයේ තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් කාන්තාවක් වනවා. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 11ක් තහවුරු වී ඇති අතර ඒ පිරිමි 8ක් සහ කාන්තාවන් 3ක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 27ක් සහ පිරිමි 20ක් මියගිය පිරිස අතර වනවා.
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 631ක් අද (30) දිනය තුළ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 457,488ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |