අද වාර්ථා වුණු සියලු ආසාදිතයන් සහ මරණ ගණන

Corona virus Covid 19
By Sithumi Sep 16, 2021 03:13 PM GMT
Sithumi

Sithumi

Report

අද දින තවත් කොරෝනා ආසාදිතයන් 889 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,271කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 498,694ක් දක්වා ඉහළගොස් තිබේ. 

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,336ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 428,590ක් විය.  

තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

ඊයේ (15) දින තහවුරු කර ඇති එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළගොස් ඇත.

_________________________________

You may like this video👇

මෙරට පුද්ගලයෙක් සිදු කළ අපූරු ක්‍රියාව. ඔබ පුදුම වන වීඩියෝව👇


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now