මෙරට කොවිඩ් ආසාදිතව මරණයට පත්වූවන් ගැන ප්‍රභලයකුගෙන් විශේෂ හෙළිදරව්වක්.
Health
Sri Lanka
Covid death
Covid patient
By Aruna
ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයන්ගෙන් 5,340 න් 5,000 කට අධික සංඛ්‍යාවක් කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
ඉන් පුද්ගලයන්ගෙන් 177 දෙනකු පමණක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙන බවත් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනකු ද මරණයට පත්වූ අය අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කළා.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබියදී මරණයට පත්වූ පුද්ගලයන්ට වෙනත් රෝගයක් හෝ කීපයක් තිබූ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.
රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව හෙළිකළා.
you may this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |