නව කොරෝනා ආසාදිතයින් 2450 දෙනා හදුනාගත් ප්‍රදේශ මෙන්න.

Colombo Galle Gampaha Mathale Covid patient
By Aruna Aug 04, 2021 07:44 AM GMT
Aruna

Aruna

Report

දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවමින් ඊයේ (03) නව ආසාදිතයින් 2,450 දෙනෙකු හඳුනාගනු ලැබීය.

දෛනික ආසාදිතයින් ගණන 2,000 ඉක්මවා ගියේ අඛණ්ඩව 6වන දිනටය.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 311කි.

කොළඹින් 293ක් සහ කළුතර දිස්ත්‍රික්යෙන් ආසාදිතයින් 223ක් ඊයේ වාර්තා වී තිබුණි.

ගෙවුණු පැය 24 තුළ සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 11,293කි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 316,194 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 282,770කි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 28,779 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 116,664 දෙනෙකුට ලබාදී තිබේ.

සෙසු කොවිඩ් මර්දන එන්නත් ජනතාවට ලබාදීම අදත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක වේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන 1 කෝටි 4 ලක්ෂ 81,285කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාවද ලක්ෂ 25 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery