අද වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන - භයානක තත්වයක්

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 14, 2021 12:31 PM GMT
Sithumi

Sithumi

Report

අද මෙරටින් කොරෝනා ආසාදිතයින් 2423 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

එමෙන්ම, සෞඛ්‍ය අංශය සේවකයන් කොරෝනා වෛරස ආසාදිතයන් වෙමින් රෝහල් ජාලය අඩපණ වීමේ ආසන්නව සිටින බව හිටපු වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි. එනිසා අඩුම තරමින් සති දෙකක කාලයකට හෝ රට අගුළු දැමීමක් සිදු කරන්නැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

එසේ සිදු නොවුනොත් කොරෝනා මරණ පමණක් නොව වෙනත් රෝගවලින් ද සිදුවන මරණ වැලැක්විය නොහැකි වනු ඇතැයි ඔහු අනතුරු අඟවයි. සෞඛ්‍ය අංශ සේවකයන්ට වෛරසය ආසාදනය වෙමින් පවතින බවත් එය රෝහල් ජාලය ඉක්මනින්ම අඩාල කිරීමේ මායිම දක්වා පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ දිනවල බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ වලට පැමිණෙන රෝගීන්ගෙන් 50%ක්ම කොරෝනා ආසාදිතයින් තහවුරු වෙමින් ඇති බවත් සෞඛ්‍ය සේවකයන් ද ඉන් අනතුරුව පත් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය