තවත් දරුණු තත්ත්වයක් තිබේද ? covid ආසාදිතයාගේ හෙලිදරව්ව

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 12, 2021 05:17 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙනයෑමට හෝ වෛද්‍ය උපදෙස් ලබාදීමට මෙතෙක් තමන් වෙත කිසිදු සෞඛ්‍ය අංශ නිලධාරියෙකු නොපැමිණි බව කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු අද (12) මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.

හැටන් දික්ඔය නගර සභා බලප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු, රාජ්‍ය අංශයේ සේවය කරන පුද්ගලයෙකු වන බවත් ඉකුත් 07 වනදා සිට අසාදිතයෙකු ලෙස හඳුනාගත් බවත් පවසයි. එදින සිට තම නිවසේ සමාජිකයන්ගෙන් වෙන්වී නිවසේ අඩුපහසුකම් සහිත කාමරයක රැඳීසිටින බවත් තමන්ගේ රෝග තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

 තම රෝගී තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත්ත ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

 ඒ අනුව තමන් මෙම සිද්ධිය මාධ්‍යයට පවසන්නේ රජය හෝ සෞඛ්‍ය අංශ නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් නොවන බවත් මෙම රෝගය වෙනත් අයෙකුට ආසාදනයවීම වළක්වා ගැනීමේ අරමුණින් බවත් ඔහු සඳහන් කළේය. තමන් මෙන් මෙවැනි අසාදිතයන් විශාල පිරිසක් හැටන් ප්‍රදේශයේ සිටිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.