අද කොවිඩ් ආසාදිතයින්ගේ පැහැදිලි වැඩිවීමක්
covid
Sri lanka
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2420 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .
එමෙන්ම ඊයේ (අගෝස්තු 11) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,987 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. විදෙස් රටවලින් පැමිණ නිරෝධායනය වන පිරිස් අතුරින් 97 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත් වනවා.
ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 468ක්.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
