ප්‍රමාද වී තහවුරු කොවිඩ් ආසාදිතයින් 3,000 ඉක්මවා එකවරම වාර්ථා වේ.

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 10, 2021 02:22 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් ආසාදිතයින් 3,223ක් පසුගිය දින 07ක කාලය තුලදී හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 336,170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය රෝගීන් ගණන 32,786ක් වනවා.

මෙම ආසාදිතයින් ප්‍රමාද වී වාර්තා වීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා සිදුකරනු ලබන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් හඳුනා ගනු ලබන රෝගීන් සහ නිවාස ආශ්‍රිතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ දත්ත වාර්තා තහවුරු කර ගැනීමේ ප්‍රමාදයක් පසුගිය දින 07ක කාලය තුලදී මතුවූ බවයි.

ඒ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම නිසා බව පැවසූ වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂකවරයා, අදාල තොරතුරු නිසි අයුරින් තහවුරු කර ගැනීමෙන් පසුව දත්ත වාර්තා වලට අද දිනයේදී ඇතුලත් කළ බවයි කියා සිටියේ.


----------------------------You May like this video---------------------------------

නිවසේ සිට covid රෝගීන්ට ප්‍රතිකාර කරද්දී මේ ගැනත් සැලකිලිමත් වෙන්න 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now