ආණ්ඩු පක්ෂයේ ප්‍රභල ඇමතිවරයෙකුට කොරෝනා.. පාර්ලිමේන්තුවට රතු එළියක්.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මේ අතර 2022 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවති ඊයේ දිනයේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.
ඔවුන් වන්නේ අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන් ප්‍රිය හේරත්, ටිරාන් අලස්, එම් එස් තවුෆීක් සහ විජයදාස රාජපක්‍ෂයි.
අමාත්‍ය ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තුවට නොපැමිණ ඇත්තේ උණ වැළදී ඇති බැවින්. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ කාර්යාලයෙන් මන්ත්‍රීවරුන්ට ඡන්ද විමසීමට සහභාගි වන ලෙසට දැනුම් දී තිබූ අතර රාජ්‍ය අමාතය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අවස්ථාවේදී ඊට සහභාගි වන බව දන්වා තිබුණා.
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලට සහභාගි වී සිටි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ අදාළ ඡන්ද වීමසීම අවසන් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ එම අවස්ථාවට සහභාගි වන බවට දන්වා තිබුණද ඔහු ඊට සහභාගි වී සිටියේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්ට පැමිණීමට නොහැකි වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.
කෙසේවෙතත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තවුෆීක් ඊයේ දිනයේ පාර්ලිමේන්තු නොපැමිණි හේතුව අනාවරණ වී නැහැ.
ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රීවරුන් 159 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඊයේ දිනයේදී අයවැයට පක්‍ෂව මන්ත්‍රිවරුන් 153 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |