ඔස්ට්‍රේලියාව එහෙමයි ... ලංකාව මෙහෙමයි ? (VIDEO)

covid19 Australia isolated Sri lanka saman rathnapriya
By Sewvandhi Aug 11, 2021 04:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙල්ටා ආසාදිතයින් 22කු වාර්තා වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය වසා දැමීමට කටයුතු කළත් දෛනික ආසාදිතයින් 2,500 ඉක්මවා හමුවන ශ්‍රී ලංකාව තුළ තවමත් සංචරණය සීමා නොකරන්නේ කුමන පදනමක් මත දැයි ශ්‍රී ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය විමසයි.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති, සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියේ, "ඔස්ට්‍රේලියාව එහෙම තියෙන්නෙත් ලංකාව මෙහෙම තියෙන්නේ එහෙම නොකරන නිසයි." යනුවෙනි.

මේ වන විට රෝහල් හෙද කාර්ය මණ්ඩලය සීඝ්‍රයෙන් ආසාදිතයින් බවට පත්වෙමින් තිබෙන බවත්, එය ඉතා අසීරු තත්ත්වයක් බවත් ඔහු පැවසීය.

"මහනුවර රෝහලේ පසුගිය සතිය තුළ හෙද නිලධාරීන් 25දෙනෙක් ආසාදනය වුණා. මාතර රෝහලේ 8 දෙනෙක් වුණා. කරවනැල්ල රෝහලේ හෙද නිලධාරීන් 12දෙනෙක් ආසාදනය වුණා. කරාපිටියේ හෙද නිලධාරීන් 12ක්, අනුරාධපුරයේ 11 දෙනෙක් ආසාදනය වුණා. මේ තත්ත්වය අමාරු බව හරිම පැහැදිලියි. එතකොට මේකට උත්තරයක් නැද්ද ආණ්ඩුවට. ආණ්ඩුවට මේ දත්ත ගැනවත් උත්තරයක් නෑනේ. නිවැරදි දත්ත වාර්තා කර ගැනීමක්වත් ආණ්ඩුවට කර ගන්න බෑ."



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now