Covid ආසාදිතයින් ඉහළ අගයක් වාර්ථා වෙයි..

Infection vaccination Covid19 querantine
By Sewvandhi Jan 27, 2022 02:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දිනයේ මෙරටින් තවත් කොවිඩ්  ආසාදිතයින් 942 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටිනවා.

එමෙන්ම,අද දින මෙරටින් ඊයේ (26) හඳුනාගත් කොවිඩ් අසාදිත මරණ විසි තුනක් වාර්තා වී තිබේ . අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,369කි. ඉකුත් සතිය තුළ දෛනික කොවිඩ් මරණ වාර්තා වී තිබුණේ මරණ 12ත් 17ත් අතරය.

කොවිඩ් ආසාදිතව සිටි 249 දෙනෙකු අද (27) දිනයේ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි . ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්තය 577,030ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now