ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයෙක් covid ආසාදිතව මිය යයි

covid19 infections PHI Idhuruva Balapitiya hospital
By Sewvandhi Oct 30, 2021 09:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කොරෝනා ආසාදිතව මියගොස් තිබෙනවා.

කොරෝනා ආසාදනය වීමත් සමඟ ඉකුත් 11 වන දා බලපිටිය රෝහලට ඇතුළුත් කිරීමෙන් අනතුරුව පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (29) රාත්‍රීයේ මියගොස් ඇති බවයි කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මියගිය වෛද්‍යවරයා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

මේ අතර කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 88,083 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 882ක්.

මීට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී 3248 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව 37612 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.