කොවිඩ් ආසාදිතයන් හඳුනාගන්න නිසි වැඩපිළිවෙලක් නෑ

Report

මෙරටට පැමිණෙන කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා තවමත් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ චෝදනා කරයි. මේ වන විටත් ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ මට්ටමක පවතින බවත් එවැනි තත්ත්වයක් යටතේ ඉන්දීය සංචාරකයන් මෙරටට පැමිණීමේදී කොවිඩ් රෝග ලක්ෂණ පවතීද යන්න පරීක්ෂා නොකිරීම හරහා රෝගීන් රට තුළට පහසුවෙන් ඇතුළු විය හැකි බවත් සභාපතිවරයා සඳහන් කරයි.

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

හෙතෙම මේ බව කියා සිටියේ මේවන විට ව්‍යාප්ත වෙමින් පවතින කොව්ඩ් වසංගතයේ උප ප්‍රභේදය මෙරටට බලපෑමක් සිදුකළ හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එමෙන්ම මේ වන විට රෝග ලක්ෂණ පවතින රෝගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම බිම් මට්ටමින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බැවින් රට තුළට ඇතුලුවීමේදී රෝගය හඳුනාගැනීම සඳහාද පරීක්ෂණ සිදු කළයුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

කෝවිලේදීම 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකුගේ දිවිය අහිමි වෙයි [CCTV

කෝවිලේදීම 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකුගේ දිවිය අහිමි වෙයි [CCTV