කොවිඩ් රෝහලක හඳිසියේ ගින්නක්.. 10 දෙනෙකු මරුට .

Indonesia Covid hospital fire Masidoonia
By Aruna Sep 09, 2021 05:00 AM GMT
Aruna

Aruna

Report

උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍ය වෙන්කෝ පිලිප්ස් සඳහන් කළේ ටෙටෝවෝ නගරයේ රෝහලක ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් තවත් රෝගීන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ගින්න පාලනය කිරීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර ඊයේ දිනයේ, ඉන්දුනීසියාවේ ජාවා දිවයිනේ පිහිටි බන්ධනාගාරයක සිදුවූ ගින්නකින් එහි රැඳවියන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එහිදී 08 දෙනෙකු බරපතල තුවාල ලබා, තවත් හැත්තෑ දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ජාකර්තා නුවර පොලිස් ප්‍රධානියා සඳහන් කළා.

ගින්න ඇතිවන අවස්ථාවේ රැඳවියන් නින්දේ පසුවී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

එහෙත් එය බොහෝ දුරට විදුලි කාන්දුවක් නිසා සිදුවන්නට ඇතැයි බලධාරීන් සැක පළ කරනවා.

ජාකර්තා නුවරට තදාසන්නව පිහිටි මෙම බන්ධනාගාරයේ රැඳවියන් වැඩි දෙනෙක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා සිරගත වූවන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now