කොවිඩ් මරණ වලින් ලංකාවට ලෝකෙන්ම හිම තැන. දැඩි අවදානමක්

World Who
By Sithumi Aug 05, 2021 11:51 AM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දිනයේ දෛනික කොරෝනා මරණ වාර්තා වීම අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 22 වැනි ස්ථානයට පත් ව සිටි. 

එමෙන්ම ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ඊයේ දිනයේ 12 වන තැනට පත්ව සිටියි. කොරෝනා ආසාදිත මරණ 82ක් ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ වාර්තා විය. මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය මිලියනයට 220ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයෙන් මේ වන විට වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ බවට සැලකෙන කොරෝනා වෛරසය හේතුවෙන් එරට මියගිය සංඛ්‍යාව 4636ක් වනවා.

කෙසේ වෙතත් ශ්‍රි ලංකාව තුළ ඊයේ (05) දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ 82ත් සමඟ මේ වන විට මෙරට තුළ කොවිඩ් ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 4727ක්. 

 මේ වන විට ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ ඇමෙරිකාවෙනුයි. එරට කොවිඩ් මරණ සංඛ්‍යාව ‌මේ වන විට 631,299ක්.