මෙරටින් අදවාර්ථා වුණු කොවිඩ් මරණ ගණන.. යළිත් ඉහළ අගයක්
By Sithumi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 18 ක් වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (05) තහවුරු කර ඇති මෙම මරණ ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15083ක් ලෙසටයි. ඊයේ තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 6ක් සහ පිරිමි පුද්ගලයන් 12 ක් වනවා.
වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කර නැහැ. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 5 ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්.
අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි 7ක් සහ කාන්තාවන් 6 ක් මියගිය පිරිසට අයත්. මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 589479ක් හඳුනාගෙන තිබෙනවා.
ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 12857ක්. 561,557ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |