අද දවසේ වාර්තා වූ කොවිඩ් මරණ

COVID-19 COVID-19 Vaccine Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 14, 2022 11:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16621ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයට අයත්. මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 667916ක් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 1136ක්. 650161ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW