මාර්ගයක් අසල පුද්ගල මළසිරුරක් - රෝහලට රැගෙන ගොස් PCR කරයි

මාර්ගයක් අසල මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද (05) අලුයම මීගමුව පොලීසිය විසින් සොයාගෙන ඇත. ඒ, මීගමුව සාන්ත ජෝශස් වීදියේ ස්ථානයකදී ය.

එලෙස මියගොස් ඇත්තේ මීගමුව පෞද්ගලික පාසලක ආරක්ෂක අංශයේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු බවට පසුව අනාවරණය වී ඇත. එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ද යන්න තහවුරු කරගැනීම සඳහා මීගමුව රෝහලේදී PCR පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇත.

ඊයේ (03) දිනයේදී ද මීගමුව නගරයේදී පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ මෘත ශරීරයද මීගමුව රෝහලට රැගෙන ගොස් PCR පරීක්ෂණයක් සිදුකර තිබුණි. අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ එහි ප්‍රතිඵල ද මෙතෙක් ලැබී නොමැති බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now