එන්නත ලබාගැනීමට ඔබ යායුතු ස්ථාන මෙන්න

covid Sri lanka
By Sewvandhi Dec 18, 2021 05:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (18) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

මේ අතර, ගත වූ දිනය තුළ ද පුද්ගලයින් 250,000කට අධික පිරිසක් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.

ඊයේ (17) දිනය තූළ මෙරට පුද්ගලයින් 265,766 දෙනෙකු සඳහා බූස්ටර් මාත්‍රාව ලබාදී ඇති බව වංසගත රෝග විද්‍යා අංශය පැවසුවේය. ඒ අනුව මෙරට පුද්ගලයින් 2,346,182 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දී තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ පුද්ගලයින් 2,168 දෙනෙකු සඳහා පළමු එන්නත් මාත්‍රාවත් පුද්ගයින් 4,310 දෙනෙකු සඳහා දෙවන එන්නත් මාත්‍රාවත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery