ඊයේ දින 3000ට ආසන්න ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

covid19 isolated infections vaccination quarantine
By Sewvandhi Aug 10, 2021 09:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගතවු දිනයේ බස්නාහිර පළාතෙන් පමණක් කොවිඩ් ආසාදිතයින් 1,519 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 767දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 440 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 312 දෙනෙකු හඳුනාගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයෙන් 294 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 168 දෙනෙකු, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 165 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු හදුනාගෙන ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,953ක් හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින් වාර්තා වී තිබුණි.

ගතවු දිනයේ ආසාදියින් වාර්තා වු සෙසු ප්‍රදේශ පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery