අද මෙරටින් වාර්තා වූ දෛනික covid මරණ ගණන, භයානක තත්ත්වයක්

covid19 infections deaths delta variety oxygen capacity
By Sithumi Aug 13, 2021 03:40 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් මරණ 155 ක් ඊයේ දින (12) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 5775ක්  දක්වා ඉහළ යනවා.

මේ අතර පෙරේදා දින (11) තහවුරු කරගෙන ඇති මරණ 156 මේ දක්වා වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස දැක් වුණා

පෙරේදා තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 69 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 87 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 121 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,173 දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ.

 ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 304,628ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery