කොවිඩ් මරණ වල සීග්‍ර වැඩිවීමක්

covid19 infections deaths vaccination quarantine
By Sewvandhi Aug 04, 2021 03:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 82 ක් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ ,

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා අසාදිත මරණ ගණන 4727 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.   

මීට පෙර මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන සටහන් වූයේ අගෝස්තු 2වනදා ය. එදිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ කොවිඩ් මරණ ගණන 74 කි.

ජුලි 6 න් ඇරඹි දින 7 තුළ කොවිඩ් මරණ 261ක් , ජුලි 13 න් ඇරඹි දින 7 තුළ මරණ 296ක් සහ ජුලි 20න් ඇරඹි දින 7 තුළ මරණ 325ක් වාර්තා වෙද්දී ගෙවුණු අවසන් සතියේ කොවිඩ් මරණ 450ක් වාර්තා වී තිබේ.

එක් එක් සතියේ කොවිඩ් මරණවල සාමාන්‍යය සටහන් වන්නේ 37.2ක්, 42.2ක්, 46.4ක් හා 64.2ක් වශයෙනි.

ඒ අනුව ගෙවුණු අවසන් සති 4 දෙස බැලීමේදී මෙරට වාර්තාවන කොවිඩ් මරණවල ක්‍රමානුකූල ඉහළයෑමක් මේ වනවිට දක්නට ලැබේ.

මේ අතර අතුරුගිරිය පෝරේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති හිමියන් කොවිඩ් ආසාදනයවීමෙන් අපවත් වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now