කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට..අද වාර්තා වූ ගණන.

By Sithumi Dec 19, 2021 01:15 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිතයින් 430ක් මෙරටින් වාර්තා වනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 579,564ක්.  

එමෙන්ම, තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (18) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,752කි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් තවත් 10,144 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව අද (19) දිනයේ වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කළේය.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 557,326ක් දක්වා ඉහළගොස් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now