Covid ආසාදිතයින් තවත් ඉහලට - නව ප්‍රභේදයත් මෙරටට

COVID19 VACCINATION SHAVENDRA SILVA HEMANTH HERATH OMCRON
By Sewvandhi Dec 03, 2021 01:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින පළමු වතාවෙම කොවිඩ් ආසාදිතයින් 508  ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

අද උදෑසන තහවුරු කරගත් මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් omicron ආසාදිතයා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව වාර්තා වනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ මෙම පුද්ගලයා කෝවිඩ් 19 මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයකු බවයි.

එමෙන්ම ,ඔමික්‍රොන් ඇතුළු නව කොරෝනා ප්‍රභේදවලට එරෙහි ව පුළුල් ආරක්ෂණයක් සලසන දෙවන පරම්පරාවේ කොරෝනා එන්නත් නිපදවීම කඩිනම් කිරීමට පියවර ගැනෙනවා.

වසංගත රෝගවලට එරෙහි එන්නත් සංවර්ධනය කිරීමේ පර්යේෂණ කණ්ඩායම් එකමුතුව මේ සඳහා කටයුතු කරන අතර එහි දී බහුතර ලෝක ජනතාවට දැරිය හැකි මිලකට එන්නතක් ලබාදීමට ද අපේක්ෂිතයි.

ඒ සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මූල්‍යාධාර සපයන අතර, ඔවුන් කොරෝනා ප්‍රභේදවලට එරෙහි එන්නතක් සංවර්ධනය කිරීමට ඩොලර් මිලියන 200ක දායකත්වයක් සපයා තිබෙනවා.

මේ අතර, ඇමෙරිකානු මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම සඳහන් කළේ, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ඉලක්ක කර ගත් බූස්ටර් හෙවත් වර්ධක එන්නතක් ලබන මාර්තු මාසය වනවිට ඉදිරිපත් කළ හැකි වනු ඇති බවයි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW