ඇදන් 08ට මරණ 05යි..ප්‍රධාන රෝහල් දෙකකින් කොවිඩ් පොකුරක්..වයස් භේදයක් නැතිව මැරී වැටෙයි.

Covid Karapitiya Galle
By Aruna Aug 15, 2021 07:04 AM GMT
Aruna

Aruna

Report

ඇල්පිටිය මූලික රෝහලේ 40 දෙනෙකුට සහ ගාල්ල කරාපිටිය රෝහලෙන් 26 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි අද (15) තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන්කර ඇති වාට්ටුවක ආසාදිතයෙකු සමග රැඳී සිටින පුද්ගලයෙකු එහිදී තම අත්දැකීම සමාජ ජාල ගිණුමට එක් කර තිබුණේ මෙසේය.

******** කරාපිටිය කොරෝනා වාට්ටුවේ සිට…. තාත්තගෙ අසනීප තත්වයත් එක්ක වාට්ටුවේ ගෙවන තුන්වෙනි දවස අද…. මේ වාට්ටුවේ විතරක් ඇඳන් 8ක් තියෙනවා…. මම මේ ඇවිල්ලා ගෙවුනු දවස් 3ට මේ ඇඳන් 8 හිටපු අපේම මිනිස්සු 5 දෙනෙක් මගේ ඇස් ඉස්සරහම සදහටම ඇස් දෙක පියාගත්තා…. ???

සංක්‍යා ලේඛන කොහොම බැලන්ස් කරත් මේ එක පොඩි වාට්ටුවේ ඇඳන් 8ට මරණ 5ක් උනා කියන්නෙ අපි ඔක්කොම ඉන්නෙ කොච්චර බරපතල තත්වෙකද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ…. නැතිඋනු අය අතර ගෑනු පිරිමි වයසක තරුණ හැම වර්ගෙකම අය ඉන්නවා….

කරාපිටියෙ මම දන්න විදියට කොරෝනා රෝගීන් ඉන්න වාට්ටු 7ක් විතර තියෙනවා.. ඊට අමතරව ICU unit එකක් වෙනම තියෙනවා මේ කොරෝනා රෝගීන්ටම…. ඒ හැම එකකම මේ වගේම මරණ සිද්ද වෙනවා….

එහෙම මැරිල යන්නෙ තව කාලයක් ජීවත් වෙලා ඉන්න තිබුණු මිනිස්සු…. ? වාට්ටුවේ ඉන්න දොස්තර මහත්තුරු නර්ස් නෝනලා ලොකු කට්ටක් කනවා මිනිස්සු ගොඩ දාන්න… ?? වැදගත්ම දේ තමයි….

තමන්ගෙ කෙනෙක් කොරෝනා හැදිලා රෝහලක ප්‍රථිකාර ගන්නවා නම් අනිවාරෙන්ම ඒ කෙනාගෙ සාත්තුවට කෙනෙක් තියන්න… දෙයියන්ගෙ නාමෙන් රෝහලේ ඉන්න මනුස්සයගෙ පනට ආදරයක් තියෙනවා නම් සාත්තුවට කෙනෙක් ලඟ තියන්නම ඕන….

මොකද පහුගිය දවස් දෙකේ ඇස් ඉස්සරහ උනු මරණ 5න් 4ක්ම ලඟ කවුරුවත් නැතුව තනියම ප්‍රථිකාර ගත්ත අය…. කොරෝනා කියන්නෙ මුලු ශරීරයම දුර්වල කරන වයිරස් එකක්….

ඉතිං ගොඩක් කට්ටිය මේකෙන් මැරෙන්නෙ තමන්ගෙ දේවල් කරගන්න බැරුව…. ඒ කියන්නෙ තිබහට වතුර ටික බීගන්න බැරුව වගේ… බඩගින්නට එයාලට තනියම කන්න බෑ…

නහයට ගහල තියෙන ඔක්සිජන් බටේ පොඩ්ඩක් එහේ මෙහේ උනොත් ඒක කියන්න කවුරුවත් නෑ…. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ගොඩක්ම මරණ සිද්ධ වෙන්නෙ…. ඉතිං පුලුවන් හැම විදියටම පරිස්සම් වෙන්න…

කොරෝනා කියන්නෙ ආතල් එකක් නම් නෙවෙයි… තමන්ගෙ ආදරණීයයන් වෙනුවෙන් පුලුවන් හැම ක්‍රමේටම පරිස්සම් වෙන්න…. පුලුවන් ඉක්මනට Vaccine එක ගන්න…. ❤️ තමන්ගෙ කෙනෙක් positive වෙලා රෝහල්ගත් උනොත් අනිවාරෙන්ම එයාව පරිස්සම් කරගන්න…

එයා ලඟ සාත්තුවට ඉන්න… ඔයා පුලුවන් උපරිමෙන් පරිස්සම් වෙන ගමන් එයාවත් පරිස්සම් කරගන්න….. ❤️ අවසානයට කියන්න තියෙන්නෙ මේ වසංගතේ පරද්දන එක කෙසේ වෙතත් අපි බේරිලා අපේ ආදරණීයයන් බේරා ගැනීමට අපට කරන්න පුලුවන් හැමදේම කරමු….

එලියට දෙන වාර්තා වලට වඩා රටේ තත්වේ හිතාගන්න බැරි තරම් බරපතලයි…. ???

හැමෝටම බුදුසරණයි…. ❤️ සටහන – චින්තක දේශප්‍රිය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now