කොවිඩ් සම්බන්ධයෙන් රජය ගත් අලුත්ම තීරණය මෙන්න.

Covid Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe Corona viruses
By Aruna Dec 09, 2021 03:57 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් වසංගතයෙන් මව්පියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ”ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යටතේ එය ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ග්‍රාම නිළධාරීවරයාගෙන් ලබාගත හැකි බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.

ඒ සඳහා අයදුම් කරන්නන් :

1. මව/පියාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපත

2. දරුවන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත

3. මරණය සිදු වූ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීමේ ලිපිය

4. දරුවන් පාසල් යන බවට විදුහල්පතිවරයාගේ තහවුරු කිරීමේ ලිපිය සමඟ අයදුම්පත් ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර "කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම" ලෙස සටහන් කර;

ලේකම්, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල,

ජනාධිපති කාර්යාලය, කොළඹ 01 ලිපිනයට හෝ info@itukama.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now