එන්නත් වල ප්‍රතිශක්තිය ගැන ශ්‍රී ලංකාවෙන් නවතම හෙළිදරව්වක්..

Corona Sri Lanka Synofram Covid vaccines
By Aruna Oct 19, 2021 08:18 AM GMT
Aruna

Aruna

Report

සයිනොෆාම් එන්නත ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ කොරෝනා වෛරසයට එරෙහි ටී සෛල ප්‍රතිචාරය අඛණ්ඩව පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර සඳහන් කළේ, කල් යත්ම සියලු වයස් කාණ්ඩවලට එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

සයිනොෆාම් එන්නතෙහි ප්‍රතිදේහ ජනනය සහ ටී සෛල ප්‍රතිචාරය පිළිබද පැවැත් වූ අධ්‍යයනයකින් අනතුරුවයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

එහිදී අනාවරණ වී ඇත්තේ, දෙවන එන්නත් මාත්‍රාව ලබාදී සති 12කට පසුව ද කොරෝනා වෛරසය ආගන්තු දේහයක් ලෙස සලකා ටී සෛල මඟින් ප්‍රතිචාර දැක්වීම එලෙසින්ම පවතින බවයි.

කෙසේ නමුත්, වෛරසයට එරෙහි ප්‍රතිදේහ ජනනය විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙනවා.

එමෙන්ම, ප්‍රතිශක්තිය දුර්වල වීම හමුවේ රෝහල්ගත කිරීම සහ රෝගය බරපතළ තත්ත්වයට පත්වීම පිළිබදව තවදුරටත් අධ්‍යයනයන් සිදු කළ යුතු බවයි පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now