ඩෙල්ටා වයිරසය ආසාදිත වූ අයෙකුට දින 3කින් සිදුවන දේ..තවත් පිරිසකට විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Covid patient Delta viruses Nadeeka jaanage
By Aruna Aug 12, 2021 02:15 AM GMT
Aruna

Aruna

Report

ඇල්ෆාට වඩා දෙගුණයක වේගයෙන් ඩෙල්ටා ව්‍යාප්ත වෙයි ඩෙල්ටා වැලඳුණු අයකුගෙන් වෙනත් අයකුට එම වයිරසය සම්ප්‍රේෂණය වූ පසු දින තුනක් (3) ඇතුළත රෝග ලක්ෂණ මතුවන බව වෛද්‍ය පර් යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පවසයි.

ඊයේ (11 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම මෙරට ව්‍යාප්ත වූ වයිරස් ප්‍රභේද වන ඇල්ෆා ප්‍රභේදයට වඩා දෙගුණයක වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

එම නිසා නිසි සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව අනුගමනය කරන ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටී.

තවද වායුසමීකරණය කරන ලද කාමරවල සිටින පුද්ගලයන් සෑම විට මුව ආවරණ දෙකක් පැලඳීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය වීමට වඩා වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය වන බව ද හඳුනාගෙන ඇත.

රටේ සියලු ජනතාවගෙන් සියයට අසූවක්වත් එන්නත් ලබාගෙන අවසන් වනතෙක් මෙම වයිරසයෙන් බේරී සිටීමට කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now