කොවිඩ් වැළඳී මියගිය පිරිස් ගැන අනාවරණයක්..
Covid
Corona
Sri Lanka
Deaths
By Aruna
කොවිඩ් -19 අසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් දීර්ඝ කාලීනව බෝ නොවන රෝගවලින් පෙලී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය සඳහන් කළාය.
ඇය පෙන්වා දෙන්නේ බෝ නොවන රෝගීන් සඳහා වෛද්‍ය සායන සහ හුදකලා කර ඇති ප්‍රදේශවල විශේෂ ජංගම සායන මගින් ඖෂධ සහ ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට ද මේ වනවිට ක්‍රමවේදයක් සකස් කර ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |