රන් භාණ්ඩ උකස් කරන්නේ පරිස්සමෙන් - රාජ්‍ය බැංකු නිළධාරිනියක් අත්අඩංගුවට

Report

අඩු කැරට් රන් භාණ්ඩ උකස් කරන විට එම භාණ්ඩ වැඩි වටිනාකමක් ඇති බවට පෙන්වා රුපියල් 99,370,100ක වංචාවක් සිදු කළ බවට සැකයෙහි පසුවෙමින් කොළඹ කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සජබයේ දෙදරීම ඇරඹේ.අජිත්ගෙ පුටුව මරික්කාර්ට

සජබයේ දෙදරීම ඇරඹේ.අජිත්ගෙ පුටුව මරික්කාර්ට

අත්අඩංගුවට ගන්නා ලද්දේ එම බැංකුවේ උකස් අංශයේ සේවය කරන මාණ්ඩලික සහකාර (තක්සේරුකරු)ය. අද (14) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවා ප්‍රකාශ ලබා ගත් පසු ඇය අත්අඩංගුවට ගෙන ඇත.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

සැකකාරිය පානදුර අළුබෝමුල්ල හොරණ පාරේ පදිංචි වයස අවුරුදු 31ක කාන්තාවකි.

ඇය ඉදිරි දිනවල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.