බදු අරගෙන වගා නොකළ ඉඩම්වලට වැඩ වරදියි - පුද්ගලයන් 135 දෙනෙකුගේ ඉඩම් යළි රජයට පවරා ගැනීමේ සූදානමක්

Report

කෘෂිකාර්මික කටයුතු සඳහා බදු පදනම මත ලබාදී ඇති නමුත් අදාළ වගා කටයුතු සඳහා යොදා නොගන්නා ඉඩම් යළි රජයට පවරාගෙන ඒවා ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා උපදෙස් ලබාදී තිබේ.

රජයට අයත් කෘෂිකාර්මික ඉඩම් විවිධ වගා ව්‍යාපෘති සහ කෘෂිකාර්මික ආයෝජන සඳහා පුද්ගලයන්ට හා ආයතනවලට බදු පදනම මත ලබාදී තිබුණ ද, එලෙස ලබාගත් ඇතැම් ඉඩම් අපේක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා නොගෙන අක්‍රීයව පවත්වාගෙන යන බවට අනාවරණය වී තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

ඒ අනුව, මෙවැනි ඉඩම් හඳුනාගෙන අදාළ බදු ගිවිසුම්වල කොන්දේසි සහ නීතිමය ක්‍රියාපටිපාටියට අනුව යළි පවරා ගැනීමටත්, වගා කටයුතු සිදුකිරීමේ හැකියාව ඇති පාර්ශ්වයන් වෙත ඒවා ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබාදීමටත් අවධානය යොමු කර ඇත.

කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ලබාදී ඇති ඉඩම් නිසි ප්‍රයෝජනයකට නොගෙන දිගුකාලීනව අක්‍රීයව පවත්වාගෙන යාම හේතුවෙන් රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ඇති අවස්ථා අහිමි වන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි.

එබැවින් එම ඉඩම් නැවත ඵලදායී ආර්ථික කටයුතු සඳහා යොමු කිරීම තුළින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා ඇති කිරීම සහ ග්‍රාමීය ජනතාවට නව ආදායම් මාර්ග උදාකරදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු වී තිබේ.

'මුරසු' සුළි කුණාටුවෙන් මුහුද කැළඹෙයි - ධීවරයන්ට සහ නාවිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

'මුරසු' සුළි කුණාටුවෙන් මුහුද කැළඹෙයි - ධීවරයන්ට සහ නාවිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

මේ අතර, බදු පදනම මත ඉඩම් ලබාගෙන ඒවායේ වගා කටයුතු සිදු නොකරන පුද්ගලයන් 135 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් වෙත ලබාදී ඇති අදාළ ඉඩම් යළි පවරාගෙන ඵලදායී කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය කටයුතු ද සූදානම් කරමින් පවතින බව වැඩිදුරටත් සඳහන් වේ.   

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්