වසන්ත මුදලිගේ හිර කළ ඇත්තම හේතු මෙන්න. මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සම්පූර්ණ නියෝගය. (නියෝගය සහිතයි)

Sri Lanka Magistrate Court SL Protest
By Wayomi Feb 01, 2023 07:19 AM GMT
Wayomi

Wayomi

Report

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ඊයේ (31) නිදහස් කළා.

ඒ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදීයි.

එහිදී එම නියෝගය සිදු කරනු ලැබුවේ මෙම කරුණු පැහැදිලි කරමින්,

?වසන්ත මුදලිගේව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තැබීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

?වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පැවසුවේත් ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වසන්ත මුදලිගේට එරෙහි ව සාක්ෂි නොමැති බවයි.

?සැකකාර වසන්ත මුදලිගේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ බවක් හෝ ඒ සඳහා උපදෙස් දුන් බවක් ද අනාවරණය වී නැති බව මහේස්ත්‍රාත්වයා අවධාරණය කර තිබෙනවා.

?එමෙන්ම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ දැක්වෙන්නේ, වසන්ත මුදලිගේ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ මුදල් හුවමාරු කරගත් බවට ගැමුණු විජේරත්න කළ ප්‍රකාශය ද සාක්ෂි නොමැති අනාවරණය නොවූ කරුණක් බවත් එය හුදු ප්‍රකාශයක් බවයි.

?මේ අතර වසන්ත මුදලිගේ විසින් ජාතිවාදය හෝ ආගම්වාදය මතු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට ද සාක්ෂි ඉදිරිපත් වී නැති බවත් අධිකරණයේ දී තහවුරු වුණා.

?මෝටිවේෂන් අප්පච්චී නම් පුද්ගලයා විසින්, අරගලය තුළට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැමිණ සිදු කළ ක්‍රියාවන් පිළිබඳ කළ විවේචනාත්මක ප්‍රකාශය ද හුදු ප්‍රකාශයන් පමණක් බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

?වසන්ත මුදලිගේව දිගින් දිගටම රඳවා තැබීම සඳහා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් ඇතැම් කරුණු නිර්මාණය කළ ඒවා බව ද මහේස්ත්‍රාත්වරයා දක්වා තිබෙනවා.


මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සම්පූර්ණ නියෝගය මෙන්න. - Click Here



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


ReeCha