අපයෝජනයට ලක් වූ කොටහේනේ දැරියගේ සිද්ධිය ගැන අධිකරණයෙන් නියෝගයක්
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙක්ට විරුද්ධව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය එළඹෙන ජූලි මස 7 වන දින දැනුම් දෙන ලෙස පොලීසියට නියම කර ඇත.
ඒ අනුව අඳාළ පැමිණිල්ල අද (23) දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී කැඳවා තිබෙනවා.
මෙහිදී විමර්ශන සිදුකරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ මියගිය දැරියගේ මවගෙන් සහ තවත් පාසල් සිසුවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
එසේම පොලීසිය පවසා ඇත්තේ ගුරුවරියකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.
එමෙන්ම පොලීසිය කියා සිටියේ විමර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සී.සී.ටී.වී කැමරාවලට අදාළ ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයකට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් ඇති බවයි.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය
ඒ අනුව එය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බව ද සඳහන් කර ඇත. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම යන්ත්‍රය ලබාගැනීමට පමා වූයේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියා.
එසේම එය කඩිනමින් ලබාගෙන ඉදිරි විමර්ශන කරන ලෙස ද පොලීසියට නියෝග කර ඇති බව වාර්තා වේ.
මේ අතර මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල යළි ජුලි මස 07 වන දින කැඳවීමට නියෝග කර ඇත.
එසේම එදිනම මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසට ද පොලිසියට නියම කර ඇති බව වාර්තා වේ.
