සියලු බැංකු ගිණුම් අත්හිටුවයි..? රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලට අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!

CID - Sri Lanka Police Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime Latest Headlines
By Sewvandhi Oct 17, 2024 02:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 රාජ්‍ය සහ පෞද්ගලික බැංකු එකොළහක කළමනාකාරීත්වයට අධිකරණය විසින් විශේෂ නියෝගයක් සිදු කර තිබෙනවා.

ඒ , හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුලු, පොලිස් නිළධාරීන් තිදෙනෙකුගේ සහ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුගේ නමින් වෙන් වෙන් වශයෙන් මෙරට සියලු‍ බැංකුවල පවතින ගිණුම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ඉරෝෂන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නැමැත්තා ඝාතනය කිරීම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික පේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළවයි, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, එස්.එෆ් ලොක්කා ඝාතනය කිරීම පොලිස් නිලධාරීන් පිරිසකගේ සහ තවත් සිවිල් පුද්ගලයින් කිහිප දෙනකුගේ දැනුවත් වීමෙන් සිදුකර ඇති බවයි.

ඒ අනුව, මෙම අපරාධ සිදුකිරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසකට සහ සිවිල් පුද්ගලයෙකුට මුදල් ලබා දී ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඒ බව තහවුරු කර ගැනීම සඳහායි හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට අමතරව පොලිස් පරීක්ෂකවරයකුගේ, පොලිස් සැරයන් වරයෙකුගේ, සහ කාන්තාවක ඇතුලු තවත් සිවිල් පුද්ගලයෙකුගේ නම්වලින් පවතින ගිණුම් වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට නියෝග කළේ.