පාර්ලිමේන්තු ඡන්දය කල් දමයි..? ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් නියෝගය..!

Ajmal Ameer Election Commission of Sri Lanka Election Local government Election Latest Headlines
By Sewvandhi Oct 24, 2024 10:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස නියම කළා.

එම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 28 වනදාට පෙර ගොනු කරන ලෙස විනිසුරුවරයා විසින් වග උත්තරකරුවන්ට නියෝග කළා.

විනිසුරවරයා විසින් ඊට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 01 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට කල් ලබා දුන්නා. ඉන්පසුව පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම නොවැම්බර් මස 4 වනදා සිදුකරන බවයි විනිසුරුවරයා නියෝග කළේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කළා.

සහතික කරන්නත් අවශ්‍යයිලු.. සියලු මැතිවරණ අපේක්ෂකයින්ට දැනගත යුතුම නිවේදනයක්!

සහතික කරන්නත් අවශ්‍යයිලු.. සියලු මැතිවරණ අපේක්ෂකයින්ට දැනගත යුතුම නිවේදනයක්!

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම්කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවයි.

මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා. ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වන දා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වැනිදා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුලත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා. මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළත් ඉන් පලක් අත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

කවුරුත් හීනෙන්වත් නොසිතූ දෙයක්, ජනපති අනුරත් සමග එකතුවී සජිත් කරන්න හදයි..ජනතාව සතුටු වෙන දෙයක් වෙයිද..

කවුරුත් හීනෙන්වත් නොසිතූ දෙයක්, ජනපති අනුරත් සමග එකතුවී සජිත් කරන්න හදයි..ජනතාව සතුටු වෙන දෙයක් වෙයිද..

මේ තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එසේම අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් වේ නම් එවැනි නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටිනවා.